Thursday 18th of June 2026

English Tamil
Advertiesment


දීප්ති ළමාහේවාගේ ක්‍රියා කලාපය නිසා රට ජාත්‍යන්තවර හෑල්ලුවට ලක් වෙලා 


2023-11-07 14880


ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලම ප්‍රශ්නයක් වන ජාතීන් අතර සංහිදියාව ඇති කිරීමේ ප්‍රධානතම ආයතනය වන ජාතික සමගිය සහ සංහිදියා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වන දීප්ති ළමාහේවාගේ ජාතිවාදි සමාජ මාධ්‍ය හැසිරීම සහ අන්ත ජාතිවාදි තීරණ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ දැඩි අපහසුතාවයකට මුහුණ දීමේ අවධානමක් ඇති කර ගෙන ඇති බව ජාත්‍යන්තර සංවිධාන අතර සාකච්චා වෙමින් පවති. 

දීප්ති ළමාහේවා මහතාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය සහ සමාජ මාධ්‍ය භාවිතය නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්වීම නොවැලැක්වි හැකි වී ඇත. 

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික අකමැත්ත නිසාම කුරුන්දි විහාරයේ සහ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් පිළිබඳ ගැටුම්වලට සාමය සහ සංහිදියා කාර්යාංශයේ මැදිහත් වීමක් සිදු නොවීම පිළිබඳව ද ජාත්‍යන්තර සංවිධානවල විමතිය පල වෙයි. 

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය නිසා මේ වන විට ජනාධිපතිවරයා සංහිදියාව පිළිබඳව දරන මතය සහ කැපවීම ගැනද සාධාරණ සැකයක් ජාත්‍යනතරයේ ඇති වෙමින් පවතින බවද තතු දත් ආරංචි මාර්ග පවසා සිටියි. 

වර්තමාන ජනාධිපතිවරයා 2015දී අගමැති ධූරය දරන සමයේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ සභාපතිත්වයෙන් සාමය සහ සංහිදියා කාර්යාංශය ආරම්භ කළේ ජාත්‍යන්තර සංවිධානවල ඉල්ලීම පරිදි රටේ සංහිදියාවට වග වන ආයතනයක අවශ්‍යතාවය පිළිබඳව රජය පිළි ගත් නිසාය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment